Posts

Showing posts from March, 2018

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)

Image
                   යාචකයින් හෙවත් සිඟන ප්‍රජාව පිළිබඳව මේ වන විට ලාංකේය බහුතර ජනතාව අතර පවතිනුයේ සංශයාර්ථයකි. එසේ හෙයින් මේ දිනවල වඩාත් කතාබහට ලක්වන්නේ ‘ හිඟමන ’ නීතියෙන් තහනම් කිරීම හා එය කඩකරනු ලබන පුද්ගලයින්ට නීතිමය පියවර ගැනීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමුවීම පිළිබඳවයි.  (මෙම ලිපිය ලියන මොහොත වන විට මේ පිළිබදව සමාජයේ විශේෂ අවධානයක් යොමුව තිබූ නමුත් මෙය පලකිරීමට තරමක කාලයක් ගතවිය. එනමුත් මෙය දිනෙන් දිනම දැඩි අවධානයට යොමුවිය යුතු මාතෘතාවක් වන හෙයින් අද දින මෙසේ බ්ලොග්ගත කරමි.)  එමෙන්ම අම්බලන්තොට රිදීගම වැනි ප්‍රදේශයක ගොඩනගන පුනරුත්ථාපන කඳවුරකට ඔවුන් ගෙනගොස් දැමීමටද අවධානය යොමු වී තිබේ. එපමණක් නොව හැකියාව , වුවමනාව සහිත අය සඳහා රජය විසින් රැකියා පුහුණුව ලබාදී , ඔවුන්වද මෙරට ශ්‍රම බළකායට එක්කර ගැනීම සබැඳි යෝජනාද මීට සමගාමීව පළවීම කෙරෙහි සමාජය තුළ සංසරණය වනුයේ විවිධ අදහස්ය. මේ අයුරින් හෝ වත්මනේදී යාචක ප්‍රජාව පිළිබඳව කිසියම් අවධානයක් යොමුකිරීම පිළිබඳව බලධාරීන්ට ස්තූතිවන්ත වෙමින් , ශ්‍රී ලංකාවේ යාචක අර්බුදයේ යථාර්ථය වෙත සමීපවීමට මෙතැන් සිට යම් උත්සහයක යෙදෙමු. යාචකයා යනු