Posts

Showing posts from May, 2017

සුවද දැනෙනා අතීතය ළග

Image
සුවද දැනෙනා අතීතය ළග ඉන්න හැකිනම්            නැවතිලා අම්මෙ ඔබෙ ළය මඩළෙ ඉන්නම් සදහටම මම     ගුලි වෙලා කදුළු ඉනුවට සිනහ පිරුණා දහසකුත් දුක්               සැගවිලා ඒ අතීතෙට යන්න ආසයි ආයෙමත්                  අත් තටු සලා ඔබේ කදුළැලි නිවාලන්නට නොහැකි තරමට          සනසලා ගෙවී ගිය ඒ පුංචි කාලය අම්මෙ මා ඔබ               වෙන් කළා දුරින් හුන්නට ඔබේ සෙනෙහස යළි යළිත් මට      සිහි වෙලා කදුළු බිදු කැට වැටුණු තරමට ඒ දුකට මම            හුරු වෙලා උවම් නැත ඔබ හට පුදන්නට ලොවෙහි කිසිවෙකු    ගලපලා දසුන් අහිමිව හැගුම් සුසුමන් එක්ක මතකය            ඇහැරිලා ඔබෙන් වෙන්වී ඉන්න බෑ මට තවත්නම්           ඈතට වෙලා කොතෙක් වැන්දත් ඵලක් නෑ ඔබ ළගට එන    මග ඇහැරිලා ⚫ කසුන් සී තිලකරත්න