සුවද දැනෙනා අතීතය ළග















සුවද දැනෙනා අතීතය ළග ඉන්න හැකිනම්            නැවතිලා
අම්මෙ ඔබෙ ළය මඩළෙ ඉන්නම් සදහටම මම     ගුලි වෙලා
කදුළු ඉනුවට සිනහ පිරුණා දහසකුත් දුක්               සැගවිලා
ඒ අතීතෙට යන්න ආසයි ආයෙමත්                  අත් තටු සලා

ඔබේ කදුළැලි නිවාලන්නට නොහැකි තරමට          සනසලා
ගෙවී ගිය ඒ පුංචි කාලය අම්මෙ මා ඔබ               වෙන් කළා
දුරින් හුන්නට ඔබේ සෙනෙහස යළි යළිත් මට      සිහි වෙලා
කදුළු බිදු කැට වැටුණු තරමට ඒ දුකට මම            හුරු වෙලා

උවම් නැත ඔබ හට පුදන්නට ලොවෙහි කිසිවෙකු    ගලපලා
දසුන් අහිමිව හැගුම් සුසුමන් එක්ක මතකය            ඇහැරිලා
ඔබෙන් වෙන්වී ඉන්න බෑ මට තවත්නම්           ඈතට වෙලා
කොතෙක් වැන්දත් ඵලක් නෑ ඔබ ළගට එන    මග ඇහැරිලා

කසුන් සී තිලකරත්න




Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)