වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.? (බලධාරීන් විසින් අසරණ කරනු ලැබූ ළමා ආරක්ෂක නිලධාරීන්ගේ කදුළු කතාව)


           

         ගොයමේ ආරක්ෂාවට නියර බ`දින ගොවියා, ගොයමේ මෙන්ම නියරේත්; නොහොත් සමස්ත කුඹුරේම ආරක්ෂාවට වැටක් බැ`දීම ආරම්භ කරනු ලැබුවේ මානව යුග පෙරළියේ එක් යුගයක් වූ ගොවි යුගය ආරම්භයේ පටන්මය. එනමුත් ඛේදයකි ! ගොයමේ ආරක්ෂාවට බැ`දි නියර සහ වැට එක්ව ගොයම කා දැමූ කල ගොවියාට දැනෙන හිත් වේදනාව හා පාඩුව පිරි අපේක්ෂා භංගත්වය කෙලෙසකනම් සන්සි`දුවන්නද? ආරක්ෂාව භාරගත් අය විසින්ම ආරක්ෂාවට පාත‍්‍ර වූ වස්තුව විනාශකර දමා තිබේ, එම විශ්වාසය පළුදුකොට තිබේ. ප‍්‍රස්ථා පිරුළක් ලෙස ව්‍යවහාරගත වූ මෙම ‘වැටත් නියරත් ගොයම් කා නම්....’ කියමන පරිපාලනමය වශයෙන් අසාධාරණයකට ලක්වූ පසුව එම දුක, වේදනාව හා පීඩනය කියාගන්නට කිසිවෙකුත් නොවන තැන නිරන්තරයෙන්ම සිහියට නැ`ගීම වැළැක්විය නොහැක. එසේනම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පත්වීම්වලට සුදුසුකම් ළත් නිලධාරීන් 116 දෙනාටද මේ සිදුවී ඇත්තේ එවන් වූ අවනඩුවක් නොවේද?

අයදුම්පත් කැදවීමේ සිට සම්මුඛ පරීක්ෂණ දක්වා

දිනය වර්ෂ 2017 මැයි මස 28 වැනිදායි. එදින පළ වූ සතිඅග ප‍්‍රසිද්ධ ජාතික පුවත්පත් නිවේදනයකට අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප‍්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී (ඵ් 03 – 111 ශ්‍රේණීය* තනතුරෙහි පුරප්පාඩු 116ක් ස`දහා දිවයිනේ සුදුසුකම් ළත් උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැ`දවුණි. ඒ අනුව රජයේ රැුකියාවක් බලාපොරොත්තුවෙන් දෑස් දල්වාගෙන සිටි සුදුසුකම් ළත් සහ ළමා ආරක්ෂණය පිළිබ`ද උනන්දුවක් දක්වන උපාධිධාරීහු රැුසක්ම මෙම තනතුර ස`දහා දිවයිනේ නන් දෙසින් අයදුම් කරනු ලැබූහ.

අයදුම්පත් යොමුකළ හැකි අවසාන දිනය ගෙවී ගියේය. ඒ 2017. 06. 12 දිනයයි. නමුත් එවකට රට පුරා පැවති අයහපත් කලගුණික තත්ත්වය හේතුවෙන් මෙම අයදුම් කිරීමේ අවසන් දිනය 2017. 08. 31 දින දක්වා දීර්ඝ කරන ලදි. ඉනික්බිතිව මාස කිහිපයක් ගෙවීගිය තැන එනම් 2017 ඔක්තෝබර් 12 වන දින සිට පුරා මසකටත් වැඩි කාලයක් මෙම තනතුරු 116 ස`දහා වඩාත්ම සුදුස්සන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ මාදිවෙල, ශී‍්‍ර ජයවර්ධනපුර, කෝට්ටේ ලිපිනයෙහි පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප‍්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදි. එසේම මුළු දිවයිනෙන්ම මේ ස`දහා අයදුම් කළ දහස් ගණනක පිරිසක් අතුරින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි බ`දවා ගැනීමේ පටිපාටියට හා නිර්ණායකවලට අනුව වඩාත් සුදුසුම අයදුම්කරුවන් 899 දෙනෙකු ස`දහා පමණක් මෙම සම්මුඛ පරීක්ෂණය ස`දහා කැ`දවීම් කර තිබුණි.

මෙම සම්මුඛ පරීක්ෂණ පැවති කාලය තුළ වැසි වැස්සේය. කොළඹ ගිනියම් කරමින් අව්ව වැටුණේය. දිවා, රාතී‍්‍ර, උදෑසන විවිධ බාධක දුක්කම්කටොළු මැද උදාවී ගෙවීගියේය. නමුත් මේ ස`දහා අයදුම් කරනු ලදුව සම්මුඛ පරීක්ෂණය ස`දහා කැ`දවීම් ලද උපාධිධාරීන්ගේ හිතට මේ කිසිදු සිදුවීමක් බාධකයක්නම් වූයේ නැත. ඔවුන්ගේ ගතට කොතරම් පීඩා ආවද, දුරබැහැර සිට කොළඹට අවුදින් බස්වල, දුම්රියවල රස්තියාදුවී, තෙරපී පොදි ගැසී ඇ`දුම් ලූණුමිරිස් කොටාගෙන දහදිය දාගෙන බොහෝවිට කුසට හරිහමන් කෑමක් බීමක් පවා නොමැතිව ඔවුහූ වගකීම් සහගත අනාගත රැුකියාවක් වෙනුවෙන් නියමිත වේලාවට, නියමිත ස්ථානයට කඩිනමින් වාර්තා කළහ.

සමහරු දකුණෙන් ආහ. සමහරු උතුරින්, නැෙ`ගනහිරින් හා උතුරුමැදින් ඈත පිටිසර ගම්බිම්වලින් ආහ. පෙරදින කොළඹට අවුදින් අපසුදින සම්මුඛ පරීක්ෂණය ස`දහා සහභාගීවීමට කොළඹ අවට විවිධ නේවාසිකාගාර, බොඩිම්, පන්සල්, පල්ලිවල නවාතැන් ගත්හ. කොටින්ම කිවහොත් පට්ටම කට්ටක් තනි තනිව මෙන්ම දෙමාපියන් සමගද, යහළු මිතුරන් හා අසල්වාසියෙකු සමගද හරි හරියට කෑහ. මෙය  ඕනෑම සම්මුඛ පරීක්ෂණයකට හෝ විභාගයකට හෝ කොළඹට පැමිණෙන අයදුම්කරුවන් ගෙවන ජීවිතවල පොදු යථාර්ථයයි. ඒ අනුව උක්ත සම්මුඛ පරීක්ෂණ අපෙක්ෂකයින්ද එම අපහසුතා අඩු නැතිව වින්දෝය. ඒ සියලූම කට්ට තුළ ඔවුන් බලාපොරොත්තු වූයේ එකම එක දෙයක් පමණි. ඒ මතු දිනෙක ඔවුන් වෙත හිමිවන රැුකියාව කෙරෙහි නවමු බලාපොරොත්තු පමණි.

සම්මුඛ පරීක්ෂණය උදාවිය. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ අනුමැතිය මත එම අමාත්‍යාංශය නියෝජනය වන පරිදි එක් නිලධාරියෙකුත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයෙකුත් මෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය ඇතුළු සාමාජිකයින් පිරිසක් විවිධ නිර්ණායක ඔස්සේ උරගාබලමින් මෙම අයදුම්කරුවන්ව ඔවුන්ට හිමි දවස හා කාලය පුරාවට සම්මුඛ පරීක්ෂණයට බ`දුන් කළහ.



සුදුස්සන්වීම හා බලාපොරොත්තු දැල්වීම

විශේෂයෙන්ම මෙම තනතුරු පුරප්පාඩු 116 බෙදීගොස් තිබුණේ විවිධ දිස්ති‍්‍රක්ක පදනම යටතේය. දිස්ති‍්‍රක්කවල විවිධ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ප‍්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී පුරප්පාඩු ස`දහා මෙම 116 දෙනා තෝරාගැනීමට නියමිතව තිබුණි. ඒ අනුව මෙම තනතුර ස`දහා සුදුසුකම් ලැබූ බවත්, එම තනතුර ස`දහා තෝරාගෙන ඇති බවත් 2017. 12. 14 දින සුබ පැතුම් ලිපියක් ම`ගින් උපාධිධාරීන් 116 දෙනෙකු වෙත දැනුම් දුන් අතර, එම දැනුම්දීමෙන් මෙම උපාධිධාරීහු වඩ වඩාත් සතුටු වූහ. තවද එම තනතුරට අදාළ විධිමත් පත්වීම් ලිපි හා අනුයුක්ත කරනු ලබන සේවා ස්ථාන යථා කාලයේදී නිකුත් කරනු ලබන බවත් වැඩිදුරටත් ස`දහන් කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි එවකට සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය එම ලිපියෙහි සිය අත්සන යොදා තිබුණි.

උසස් අධ්‍යාපනය ලබා මහපොළෙන් ජීවිතය ගොඩදාගෙන, ගෙවල්වලට බරක්වී හරිහමන් රැුකියාවක් අපේක්ෂාවෙන් දහසක් බලාපොරොත්තු පොදි බැ`දන් සිටි උපාධිධාරීහු 116 දෙනෙකු මෙම පණිවුඩයත් සමග බෙහෙවින් සතුටු වන්නට වූහ. එම සතුට තව තවත් ඉහවහ යවමින් 2017. 12. 20 දින එම 116 දෙනාට අයත් පොලිස් නිශ්කාෂණ වාර්තා ලබාගැනීම ස`දහාද ඔවුන්ට අදාළ පොලිස් ස්ථාන වෙත ලිපි යොමු කිරීමද අධිකාරිය විසින් සිදුකර තිබුණි. එසේම ළමා ආරක්ෂක අධිකාරිය දුරකථන ඇමතුම් ලබාදෙමින් ඒ ඒ අයගේ පොලිස් වසම් පෞද්ගලිකවම අසා දැනගැනීමද සිදුකරන ලද්දේ අදාළ පත්වීම් ඉතාමත් කඩිනමින් ලබාදීමට ඇති සූදානම පිළිබ`දව ඉතාමත් පැහැදිලි ඉ`ගියක් මෙම උපාධිධාරීන් 116 දෙනා වෙත සපයමිනියැයි කිවහොත් එය ඉතා නිවැරදිය.



තාවකාලික රැුකියාවල නිරතව සිටි බොහෝදෙනෙකු තමන්ට ඉතා නුදුරේදීම ලැබීමට යන රැුකියාව පිළිබ`ද විශ්වාසයෙන් එම තාවකාලික රැුකියාවලින් ඉල්ලා අස්වූහ. කොන්ත‍්‍රාත් පදනම මත රැුකියාවල නිරතව සිටි තවත් පිරිස් එම කොන්ත‍්‍රාත්තුව කල් පිරෙන්නටද පෙරාතුව අදාළ ආයතන සම`ග ප‍්‍රශ්නද ඇතිකරගනිමින් ඉවත් වන්නට වූහ. එසේම ඇතැම් අය අස්වීමේ ලිපි සූදානම් කරගෙන දැනට සිදුකරමින් සිටින රැුකියාවේම නිරතව සිටිනුයේ ළමා ආරක්ෂණයේ පත්වීම් ලද වහාම එම රැුකියාවලින් ඉල්ලා අස්වීම ස`දහාය. 
සරලවම කිවහොත් තමන්ගේ සුදුසුකම්වලට සරිලන පරිදි නුදුරේදීම හිමිවීමට නියමින වගකීම්සහගත රැුකියාව හිතපුරා අතදරා භාරගැනීම උදෙසා ශාරීරිකව හා මානසිකව ඔවුහූ සූදානම් වූහ.  ඕනෑම අයෙකුට රැුකියාවක් හිමිවීමට නියමිතව තිබියදී දැනෙන සතුට එයයි. විශේෂයෙන්ම රැුකියා විරහිත උපාධිධාරීන් සාතිශය බහුතරයක් රටෙහි සිටින මෙවන් යුගයක මේ පවතින තර`ගකාරී රැුකියා පෝලිම් අතුරින් මෙසේ සුදුසුකම් ලබා රැකියාවක් හිමිවීම යනු ඉතාමත් අහිංසක චිත්ත පී‍්‍රතියක් ගෙනදෙන්නක්ය.  

සාරියක් ඇ`දගෙන, කලිසමක් කමිසයක් පිළිවෙලකට ඇ`දගෙන කාර්යාලයකට ගොස් යම් ආකාරයක හෝ වගකීම් සහගත රැුකියාවක නිරතවීමේ නොතිත් ආශාවෙන් හා බලාපොරොත්තුවෙන් ඔවුහූ දෑස් අයා මෙම රැුකියාව ලැබෙන තුරු බලාසිටීම සර්ව සාධාරණය. මන්ද යත් මේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප‍්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී තනතුර ස`දහා සුදුස්සන් තෝරාපත්කර ගැනීමේ සමස්ත කි‍්‍රයාවලිය අවසන් අදියර දක්වාම හමාරවී තිබුණි. ලැබීමට ඉතිරිව තිබුණේ පත්වීම් ලිපි හා සේවා ස්ථාන පමණි.



අවනඩුවක් වූ පත්වීම් ප‍්‍රමාදය

වර්ෂ 2017. 12. 14 දින, එනම් අදාළ තනතුරට තේරීපත්වී ඇති බවට වන ලිපි ලබාදුන් දින සිට අප විසින් මෙම සටහන තබන මේ මොහොත වනවිට පුරා මාස 07කුත් දින 11ක් ගතවී හමාරය. බලාපොරොත්තුවේ දෑස් දල්වාගනිමින් උපාධිධාරීන් 116 දෙනා තවමත් ගෙවල්වලය. එනමුදු කිසිදු බලධාරියෙකුගේ දිසිදු ප‍්‍රතිචාරයක් මෙම පත්වීම් පිළිබ`දව ඉදිරිපත්වූයේ නැත. පීඩාවට පත් පාර්ශ්වය විසින් තමන්ට සිදුවූ මෙම අවනඩුව පිළිබ`දව විවිධ පාර්ශ්ව දැනුවත් කරන්නට පටන් ගනුයේ ඔවුන්ට වෙන කරන්නට, කියන්නට දෙයක් නොවන තැනය. අදාළ දැනුම්දීමේ ලිපි පසුගිය වසරේ ලද හෙයින් 2018 ජනවාරි මස සිට පත්වීම් ලැබෙතියි බොහෝදෙනා විශ්වාස කළහ. නමුත් ජනවාරි මස තුළද එය සිදුනොවන තැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දුරකථන ඇමතුම් ගලා ආවේය. මෙම 116 දෙනා විටින් විට සිය පත්වීම් පිළිබ`දව තොරතුරු විමසූහ. එළඹෙන පෙබරවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන හෙයින් මෙම පත්වීම් කටයුතු ප‍්‍රමාදව ඇති බවත්, මැතිවරණය හමාර වූ විගසම ඒවා ලබාදීමට සියලූ කටයුතු සූදානම් බවත් පෙරළා ළමාරක්ෂක අධිකාරියෙන් පිළිතුරු ලැබුණි. 

නමුත් මැතිවරණයද හමාරවිය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විවිධ පුවත් මාධ්‍ය වෙත ගලා එන්නට වූයේ මේ අතරවාරයේය. හිටපු සභාපතිනිය වූ නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය එම තනතුරින් ඉවත් කොට නීතිඥ එච් එම් අබයරත්න මහතා මෙම අධිකාරියේ නව සභාපති වශයෙන් ජනාධිපතිවරයා විසින් පත්කොට ඇති බව 2018. 04. 09 දින විශේෂ ප‍්‍රවෘත්ති නිවේදනයක් ම`ගින් මාධ්‍ය වාර්තා කළහ.

මෙතැන් පටන් අදාළ සුදුසුකම්ලාභී උපාධිධාරීන් 116 දෙනා සිය පත්වීම් කඩිනම්ව ලබාගැනීම ස`දහා විටින් විට ළමා ආරක්ෂක අධිකාරිය හා වගකිව යුතු විවිධ පාර්ශ්ව දැනුවත් කරන්නට විය. එසේම මේ අතරතුර ජනමාධ්‍ය ඔස්සේ ඉතාමත් කනගාටුදායක පුවතක් වාර්තා වූ අතර, එය ඉද්ද ගැසුවාක් මෙන් රට පුරා සංසරණය වන්නට විය. එනම් ළමාරක්ෂකයේ පත්වීම් ස`දහා දේශපාලනික අතපෙවීමක් ඇති බවත්, ඒ අනුව එම තනතුරු ස`දහා තෝරාගත් සුදුස්සන් සිටියදී වෙනත් 66 දෙනෙකු පිට පාරෙන් ඒ ස`දහා පත්කිරීමට සූදානම් බවට වන පුවතයි.

මෙම පුවත සැලවීමත් සමගම අදාළ සුදුසුකම්ලාභී උපාධිධාරීන් 116 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල ඥාති හිතමිත‍්‍රාදීන් පවා දැඩි අපේක්ෂා භංගත්වයට පත්වූහ. සිදුවන්නට යන්නේ කුමක්ද? ඒ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද යන්න ඔවුහූ කල්පනා කළහ. තමන්ට මේ සිදුවන්නට යන බලවත් අසාධාරණයට පිළිසරණක් අපේක්ෂාවෙන් පළමුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ප‍්‍රමුඛ පාලන තන්ත‍්‍රයත්, ඉන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන්ට, අග‍්‍රාමාත්‍යතුමන්ට හා ජනාධිපති හා අග‍්‍රාමාත්‍ය ලේකම්වරුන්ට, කාන්තා හා ළමා කටයුතු පිළිබ`ද අමාත්‍යවරියට, මානව හිමිකම් කොමිෂන් සභාවට, පරිපාලන කටයුතු පිළිබ`ද පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඞ්ස්මන්* වරයාට මෙන්ම මහනායක හිමිවරුන්ට, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන වෙත සිය අවනඩුව ක‍්‍රම ක‍්‍රමයෙන් ලිඛිතව දැනුම්දෙන්නට මෙම අසාධාරණයට ලක්වූ උපාධිධාරීහු කටයුතු කළහ. ඇතැම් නිලධාරීන්ව පෞද්ගලිකව මුණගැසී මෙම අසාධාරණය හා තමන් ඒ හේතුවෙන් මුහුණදී තිබෙන ආර්ථික, සමාජයීය හා මානසික පීඩනය සුහදව දැනුම්දෙන්නටද එම උපාධිධාරීහු විශාල ප‍්‍රයත්නයක් ගෙන තිබුණි. එසේම මේ සටහන තබන මොහොත වනවිට මෙම අර්බුදය පිළිබ`දව දැනුවත් කළයුතු සියලූම පාර්ශ්ව විධිමත් අයුරින් දැනුවත් කොට හමාරය. 

බලධාරීන්ගේ මුනිවත හා උපාධිධාරීන්ගේ ජීවිත

සුදුසුකම් ළත් නිලධාරීන් මේ පිළිබ`දව අදාළ පාර්ශ්ව කෙලෙස දැනුවත් කළද මෙම ප‍්‍රමාදය හා ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබ`දව කිසිදු නිල ප‍්‍රකාශයක් ඉදිරිපත්කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හෝ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හෝ වෙනත් කිසිදු වගකිවයුතු ආයතනයක් හෝ කටයුතුකර නොමැත. ඔවුහූ නිරන්තරයෙන්ම මුනිවත රකිනු පමණක් පෙනෙන්නට ඇත. ඒ අනුව බලධාරීන් හෙවත් වැටත් නියරත් එක්ව උපාධිධාරීන් හෙවත් ගොයම කා දමා විනාශකර තිබේ. ඒ අවනඩුව කාටනම් කියන්නද? ගෙදර සිටින ආදරණීය දෙමාපියන්ට කියන්නද? වසර ගණනාවක් උසස් අධ්‍යාපනය වෙනුවෙන් කැපකොට, උපාධියක් ලබා, සම්මුඛ පරීක්ෂණ ස`දහාත් මුහුණදී එයිනුත් සමත්ව, සුදුසුකම් ලැබූ පසු පත්වීම් ලබානොදෙන්නේනම්; සුදුස්සන් සිටියදී ඒ වෙනුවට බලධාරීන්ගේ අතපෙවීම් සිදුවන්නේනම් මෙම ආයතන හා අදාළ නිලධාරීන් පිළිබ`දව කෙලෙසනම් විශ්වාස තබන්නද?

ඛේදයකි ! සුදුසුකම් ළත් 116 දෙනා මේ මොහොතේ කුමක්නම් කරන්නද? ඔවුන්ගේ පසුම්බිවල මුදල්ද නැතිය. තිබූ රැුකියාවලින් ඉවත්ව සිටින හෙයින් හරි හමන් රැුකියාවක්ද නොමැතිය. රස්සාව බලාපොරොත්තුවෙන් පරස්තාව පස්සට දැමූ ඇතැම්හු දැන් ඒ දෙකම නැතිව බලා සිටිති. බොහෝදෙනෙක් තවමත් ගෙදරට බරක්වී කිසිවක් කරකියා ගත නොහැකිව බලා සිටිති. සුදුසුකම් ලැබූ පසුත් රැුකියාව නොලැබෙන්නේනම් වෙනත් රැුකියාවකට ඔවුහූ අයදුම් කරන්නට සිතන්නේවත් කෙසේද? බලධාරීන් කෙරෙහි විශ්වාසය අනන්තයටම බි`දවැටුණු විටෙක මේ සිස්ටම් එකටත්, තමන් ලද උසස් අධ්‍යාපනයටත් හා පාලකයින්ටත් අඩු නැතිව සාප කරනවා හැරෙන්නට, දෙස් දෙවොල් තබනවා හැරෙන්නට ඔවුන් වෙන කුමක්නම් කරන්නද?

විශේෂයෙන්ම අප මෙහිදී ස`දහන් කළ යුතු වැදගත්ම දෙයනම් හුදෙක් මෙම සිදුවීම ළමා ආරක්ෂක අධිකාරියට පමණක් ලඝු කොට සැලකිය යුතු නොවන වගයි. මෙම සිදුවීම රටේ සමස්ත උපාධිධාරියාටම සිදුවූ බලවත් අසාධාරණයකි. තමන්ගේ අධ්‍යාපනය, ශ‍්‍රමය, ධනය, කාලය හා බලාපොරොත්තු යන මේ සියල්ල බොරු පුස්සක් බවට පත්කරන්නට බලධාරීන් විසින් කටයුතු කරතියි, සාධාරණයැයි කියනා පාලන තන්ත‍්‍රයක් තුළින් කෙසේවත් බලාපොරොත්තු නොවන්නට ඇත. නමුත් බලධාරීන් අද එම බලාපොරොත්තුව සහමුලින්ම කඩකොට තිබේ.



එමෙන්ම මෙම රැුකියාව හිමිවීමෙන් අදාළ උපාධිධාරීන්ගේ සියලූම ප‍්‍රශ්න විසෙ`දනු ඇතැයි අපි නොකියමු. නමුත් අප මේ අසනුයේ සුදුසුකම් ලබා, සම්මුඛ පරීක්ෂණවලිනුත් සමත්වී සිටියදී අදාළ පත්වීම් මේ තරම් දුරට ප‍්‍රමාද කරනුයේ කුමන හේතුවක් නිසාද යන වගයි. පාලන තන්ත‍්‍රය අතර විවිධ භේද භින්නතා තිබිය හැකිය. ඒවා අපේ රටේ එදා පටන්ම අඩුනැතිව එසේමය. නමුත් අසරණ රැකියා අපෙක්ෂකයා; සුදුසුකම්ලාභියා මේ තරමට අසරණ කිරීම යුක්තියට පටහැනිය. සාධාරණ සමාජයක්, සමානාත්මතාව පිරුණු විනිවිදභාවයෙන් යුතු යහපාලනයක් මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතියක් ජනතාව වෙත ලබාදී ඇතැයි කියන මෙවන් යුගයක, උපාධිධාරී සුදුසුකම් ළත් ළමා ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු මෙසේ අපේක්ෂා භංගත්වයට පත්කිරීමනම් බලවත් අසාධාරණයකි. එබැවින් මොවුන් 116 දෙනා වෙත සාධාරණයක් ඉටුකළ යුතු කාලය තව තවත් කල්යැවීම හෝ මේ පිළිබ`දව මුනිවත රැුකීම බලධාරීන්ගේ නිරුවත හා නොහැකියාව මුළුමහත් සමාජයට පෙන්වීම විනා වෙන අන් කුමක්දැයි අපි ඉතාමත් කනගාටුවෙන් යුතුව වුවද සමස්ත සමාජයෙන්ම අසා සිටිමු.

ඒ අනුව සත්‍ය වශයෙන්ම මෙම කරුණට අදාළ සුළු නිලධාරියාගේ සිට ප‍්‍රධාන නිලධාරියා දක්වා මෙම 116 දෙනාගේ ජීවිතවලට වගකිව යුතුය. මේ සිදුකර ඇත්තේ සැබැවින්ම අතරමං කිරීමකි. බලාපොරොත්තු සුන්කර දමා සුදුසුකම් ළත් උපාධිධාරීන්ගේ, උපාධිය හා සුදුසුකම් පවා බාල්දු කිරීමකි. ජීවිතයේ අනාගතය සාපය හා ක්‍රෝධය අතරේ තාවර කිරීමකි. කුමන හෝ අයුරින් මෙම උපාධිධාරීන් 116 දෙනාට මේ මොහොතේ සාධාරණයක්නම් ඉටුවිය යුතුමය. ඒ ස`දහා අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවේවායි අප මේ මොහොතේ අපෙක්ෂාසහගත හදවතින් ප‍්‍රාර්ථනා කරමු.

කසුන් සී තිලකරත්න 

Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)