Posts

Showing posts from July, 2018

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.? (බලධාරීන් විසින් අසරණ කරනු ලැබූ ළමා ආරක්ෂක නිලධාරීන්ගේ කදුළු කතාව)

Image
                     ගොයමේ ආරක්ෂාවට නියර බ`දින ගොවියා, ගොයමේ මෙන්ම නියරේත්; නොහොත් සමස්ත කුඹුරේම ආරක්ෂාවට වැටක් බැ`දීම ආරම්භ කරනු ලැබුවේ මානව යුග පෙරළියේ එක් යුගයක් වූ ගොවි යුගය ආරම්භයේ පටන්මය. එනමුත් ඛේදයකි ! ගොයමේ ආරක්ෂාවට බැ`දි නියර සහ වැට එක්ව ගොයම කා දැමූ කල ගොවියාට දැනෙන හිත් වේදනාව හා පාඩුව පිරි අපේක්ෂා භංගත්වය කෙලෙසකනම් සන්සි`දුවන්නද? ආරක්ෂාව භාරගත් අය විසින්ම ආරක්ෂාවට පාත‍්‍ර වූ වස්තුව විනාශකර දමා තිබේ, එම විශ්වාසය පළුදුකොට තිබේ. ප‍්‍රස්ථා පිරුළක් ලෙස ව්‍යවහාරගත වූ මෙම ‘වැටත් නියරත් ගොයම් කා නම්....’ කියමන පරිපාලනමය වශයෙන් අසාධාරණයකට ලක්වූ පසුව එම දුක, වේදනාව හා පීඩනය කියාගන්නට කිසිවෙකුත් නොවන තැන නිරන්තරයෙන්ම සිහියට නැ`ගීම වැළැක්විය නොහැක. එසේනම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පත්වීම්වලට සුදුසුකම් ළත් නිලධාරීන් 116 දෙනාටද මේ සිදුවී ඇත්තේ එවන් වූ අවනඩුවක් නොවේද? අයදුම්පත් කැදවීමේ සිට සම්මුඛ පරීක්ෂණ දක්වා දිනය වර්ෂ 2017 මැයි මස 28 වැනිදායි. එදින පළ වූ සතිඅග ප‍්‍රසිද්ධ ජාතික පුවත්පත් නිවේදනයකට අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප‍්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී (ඵ් 03 –