Posts

Showing posts from July, 2020

සමකාලීන සමාජ අර්බූද ඉදිරියේ පුද්ගලයාගේ හෘද සාක්ෂිය

Image
‘උගත්, ප්‍රජාතාන්ත්‍රික පුරවැසියන් වීමට නම් ඔවුන් ජාතික හා ලෝක පරිමාණ  අදාළත්වයකින් යුතු වූ ද පළල් කලාපයක විහිදුණා වූ ද ප්‍රශ්න සමුදායක් ගැන හොඳින් සිතන හෝ ඒ සම්බන්ධ හොඳ තෝරා ගැනීම් කරන පිරිසක් විය යුතුය...ඉතා ඉක්මනින් විවිධාකාරයේ උස්පහත් භේද හා ධුරාවලීන්ටත්, ඊටත් වඩා දරුණු වී කණ්ඩායම් අතර පසමිතුරු බවේ හිංසක ව්‍යාප්තිවලටත් මිනිසා ඇද දමන යමක් මිනිස් ජීවිතයේ තිබේද? තිබේනම් ඒ කුමක්ද? පාලනය හා ආධිපත්‍ය සොයන්නන් බවට බලය ඇති කණ්ඩායම් පත්කරන බලවේග මොනවාද? සෑම තැනකම පාහේ සුළුතර මනුෂ්‍යයන් අපකීර්තියට පත් කිරීමටත්, ඔවුන්ට කැළල් කිරීමටත් බහුතර මනුෂ්‍යන් යොමු කරන බලවේගය කුමක්ද? මේ බලවේග මොනවා වුවත් අවසානයේ දී වගකීම් සහගත ජාතික හා ගෝලීය පුරවැසිභාවය සඳහා වන අධ්‍යාපනය, සටන් කළ යුත්තේ ඒ බලවේග සමගය.’ - මාතා නස්බෝම් -  මිනිසෙකු ලෙස උපත ලැබීම පිළිබඳව මිනිසුන් වශයෙන් අප නිරන්තරයෙන් සතුටු වන්නෙමු. එමෙන්ම මිනිසා විසින්ම මිනිසා වෙත විවිධ නිර්වචන සපයමින් මානව කේන්ද්‍රීය වූ ලෝකයක් ගොඩනගමින් ජීවත් වන්නෙමු. නමුත් සමකාලීන සමාජය තුළ අපගේ ඇස් පනාපිටම මනුෂ්‍යා මනුෂ්‍යාටත් එමෙන්ම ඔහු සමාජයටත් අහිමිවෙමින් පවතින බවක් න