Posts

Showing posts from June, 2021

රටේ ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යයේදී ආරක්ෂක අංශ මගහැරිලාද?

Image
කොරෝනා වෛරසය මගින් මුළු මහත් ලෝකයම දැඩි පීඩාවට හා විපරීත කරණයට ලක් කොට ඇති මෙවන් අවාසනාවන්ත යුගයක ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ළමා ආරක්ෂාව පවතිනුයේ ඉතාමත් අවදානම්කාරී පසුබිමකය. ළමා ආරක්ෂාවට සිදුවන විවිධ අභියෝගාත්මක තත්ත්ව සම්බන්ධයෙන් ඉඳහිට ප්‍රසිද්ධ මාධ්‍යයේ පුවත් කිහිපයක් පමණක් වාර්තා වුවද, එසේ ප්‍රසිද්ධියේ වාර්තා නොවී තර්ජනයට ලක්ව පීඩා විඳිමින් දිවි ගෙවන ළමා ජීවිත ප්‍රමාණය නම් මෙතෙකැයි කියා ගිණිය නොහැකි තරම්ය. සත්‍යම තත්ත්වය නම් එදා වර්ෂ 1989 දී විශ්ව ළමා ප්‍රඥප්තිය බිහිව වසර තිහක් ඉක්මවා යන මේ මොහොත වන විටද ළමා ආරක්ෂාව ඉතාමත් බරපතළ අයුරින් සමස්ත ලෝකයේම තර්ජනයට ලක්ව තිබීමයි. ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් අද වන විට වෙනදාට වඩා වැඩි උනන්දුවක් සහ කැපවීමක් සියලුම රාජ්‍ය, රාජ්‍ය නොවන මෙන්ම විවිධ ස්වේච්ඡා සංවිධාන විසින් ද සිදු කරනු ලබන බව ඉතා පැහැදිලි කරුණකි. විශේෂයෙන්ම පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව, ළමා ලේකම් කාර්යාලය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යන ආයතන වල මූලිකත්වයෙන් යුතුව ළමයින් හා සම්බන්ධ සුවිශේෂී සෙසු රාජ්‍ය ආයතන 12ක නියෝජිතයන්ගෙන් සැදුම් ලත් විද්වත් සභාවකින් යෝජනා වූ ළමා ආ