අපිමවත් නොසිතු ලෙස

Image result for romantic tear by eye


අපි දෙදෙන යළි යළිත් හමු වේවි හඩාවි
ඔබේ නෙතු මගේ නෙත් ළගදි බිම බලාවි
කියා ගනු බැරිව ලොකු කතාවක් තියේවි
මගේ හද ඔබේ ඔය නිහඩබව බිදීවි

නිසල මුව කමල මත සිනා කැටි ඉහිරවා
ඔයා මගෙ හදවතම ප්‍රේමයෙන් ඉතිරුවා
නෙතින් නෙත වරු ගණන් දිවා රෑ නැරඹුවා
මතුවටත් අපි අපෙයි දෙහදවත් මිමිනුවා

ඔබ තරම් කිසි කෙනෙකු මගේ ලොව නොවේවි
වෙන් වෙලා ගතින් අප හදින් පෙම් කරාවි
ඔයා නැති අඩුව මට මැරෙනකන් තියේවි
අපි අපිට හිමි වෙලා මතු භවේ හිදීවි

කිසි කෙනෙකු නොදැන අපි අපේ වී හමුවුණා
අපිමවත් නොසිතු ලෙස තව තවත් ළං වුණා
ඔය සිනහ නොදැක මට හිනැහෙන්න බැරි වුණා
ඔබේ එක කදුළ ළග මගේ හද වැළපුණා

✍ කසුන් සී තිලකරත්න

Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)