Posts

Showing posts from August, 2017

අනෙකාට අනුකම්පා කිරීමට නොව ආදරය කිරීමට

Image
මේ ලෝකයේ එදාමෙදාතුර පැවති හා පවතින සෑම අරගලයකම හා සෑම ජනසංහාරයකම වක්‍රාකාරව හෝ හේතුකාරකය බවට පත්වන්නේ “ජාතිවාදය” බව කිව යුතුය. එකම රටක්‌ තුළ විවිධ ජාතීන් ජීවත්විය හැකිය. එබැවින් එකම රටක්‌ තුළ එකම ජාතියක්‌ ජීවත් විය යුතුය කියා අපට කිව නොහැකිය. නමුත් විවිධ ජාතීන් ජීවත්වන රටක භූමියක අහසින් හා ගොඩබිමින් සීමා නිර්ණය වූ ප්‍රදේශයක එකම ජාතිකත්වයක්‌ තිබිය හැකිය. අපගේ විවිධ විචාරකයන් දක්‌වන ආකාරයේ සභ්‍යත්වයද, සාඩම්බර ඉතිහාසයද නොව වඩාත් වැදගත් වනුයේ ජන හදවත් තුළ පවතින තිත්ත යථාර්ථය දෙස විනිවිද බලා ඒ පිළිබඳව කතිකාවක්‌ ගොඩනැඟීමය. එසේ නොමැතිව අහවල් ජාතිය මහජාතියය, අහවලුන්ට පසුව අහවලුන් පැමිණියෝය. එබැවින් අහවලුන්ට වඩා අයිතියක්‌. බලයක්‌ අහවලුන්ට හිමි විය යුතුය. යනාදී වශයෙන් කරනු ලබන විචාර හා සංකථන, සැබෑ සමාජ විද්‍යාඥයකුගෙන් හෝ සැබෑ විචාරකයකුගෙන් බලාපොරොත්තු විය නොහැකිය. එවැනි දේ තුළින් සැබැවින්ම ප්‍රකාශ වන්නේ ජාතිවාදී පරපීඩිකත්වයමය. ජාතිවාදය යනු කිසියම් එක්‌ ජාතියක්‌ අනෙක්‌ ජාතීන්ට වඩා උසස්‌ය. බලවත්ය යනාදී වශයෙන් පිළිගන්නා සහ එම මතය ප්‍රචලිත කරමින් සිදු කරන්නාවූ කිසියම් ක්‍රියාදාමයන්ය. එ

ශ්‍රී ලාංකේය සමාජය තුළ 'ළමයා' සුරක්‍ෂිතද?

Image
ළමයා සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පුළුල් කතිකාවක්‌ ගොඩනැගෙමින් පවතී. විශේෂයෙන්ම සේයා සඳෙව්මිගේ ඝාතනයත් සමඟ ජනවිඥනය, අවිඥනිකවම නැඟී සිටින්නට විය. කිසිදු දේශපාලනඥයෙකුගේ, කිසිදු සංවිධානයක හෝ කිසිදු ලාභ ප්‍රයෝජනයක්‌ රහිතවම ජනයා වීථි පුරා රැස්‌වූහ. කලාතුරකින් දැකිය හැකි මෙම සමාජ නැගිටීම අතිශය ප්‍රශංසනීය තත්ත්වයකි. අපි වෙනුවෙන් නැගිටිය යුත්තේ අපිමය යන පණිවුඩය සමස්‌ත සමාජය වෙතම එමගින් ලැබුණි. නමුත් එම ඝාතනයෙන් නොනැවතුණු අපයෝජන රකුසා විසින් දිගින් දිගටම කුඩා දියණිවරුන්, මිනිපිරියන්, නැගණියන් සිය ගොදුරට ගනිමින් සිටී. මෙවැනි සිදුවීම් මගින් මෙරට සමාජය තුළ 'ළමයා' (විශේෂයෙන්ම කුඩා ගැහැනු දරුවා) අනාරක්‍ෂිත බව යළි යළිත් අපට සිහිපත් කර දෙනු ලබයි. කුඩා දරුවන් විවිධ අපයෝජන හා හිංසාවන්ට ලක්‌වීමට ප්‍රධාන හේතු ලෙස අපට පෙනී යන කරුණු කිහිපයක්‌ම වෙයි. ප්‍රධානතම කරුණ වන්නේ දරුවා සහ දෙමාපියන් අතර පවතින සම්බන්ධතාව ගිලිහී යාමයි. තරගකාරී ආර්ථික සමාජ ක්‍රමය සමඟ පොරබදමින් හැල්මේ දුවන දෙමාපියන්ට දරුවා යනු තම ජීවිතයේ තවත් එක්‌ සාධකයක්‌ පමණක්‌ බවට පත්වී තිබේ. ඕනෑම යුවලක්‌ සෑම ලිංගික

විධිමත් සංහිඳියාවක සවිමත් පදනම

Image
 | කසුන් සී. තිලකරත්න පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය   සංහිඳියාව යි. යුද ගිනිදැල් භෞතිකව නිවී ගියදා පටන් උතුරේ සිට දකුණටත්, දකුණේ සිට උතුරටත් සියලු පුරවැසියන් ප්‍රාර්ථනා කළ, ප්‍රාර්ථනා කරන බලාපොරොත්තුව සංහිඳියාවයි.   සංහිඳියාවේ වචනාර්ථය දෙස විමසිලිමත්වීමේදී එය සිංහලයෙන් නිපන් වදනක් නොවේ.  ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්  හා  වොකැබියුලරි  යනාදී ශබ්දකෝෂවල ඉංග්‍රීසියෙන් 'Reconciliation' ලෙස ලියැවෙන මෙම ඉංග්‍රීසි වචනයේ අර්ථය වන්නේ, පුද්ගලයින් දෙදෙනෙකු හෝ කණ්ඩායම් ද්විත්වයක් අතර ඇති වූ කිසියම් ගැටුමක් හෝ මත භේදයකින් පසුව මිත්‍රත්වය, සමගිය, සාමදානය ගොඩනැගීමයි. එය අප සිංහලයේදී 'සංහිඳියාව'  ලෙස හඳුනාගන්නාවිට දමිළ භාෂාවේදී එය  'සමරසම්' යනුවෙන් වර නැගේ.  කෙසේ නමුත්  ඉංග්‍රීසි, ප්‍රංශ  හා  ලතින්  භාෂා ඔස්සේ සිදුවූ පරිණාමයට අනුව එය වත්මන් සිංහල සමාජ සංස්කෘතිය වෙත ප්‍රවේශකොට විග්‍රහ කරන කල්හි, එමගින් සරලවම අර්ථ ගැන්වෙන්නේ අප රටේ ඇති වූ ජනවාර්ගික අරගලය හේතුවෙන් විභේදනය වූ සමාජ සංස්කෘතික