Posts

Showing posts from April, 2018

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

Image
පසුගිය සතියක දිවයින "වටමඩල" සාහිත්‍ය කලා සංග්‍රහයේ පළ වූ "සාහිත්‍යයෙන් සිදු කළ හැක්‌කේ ආකල්ප වෙනසක්‌ විනා සමාජ වෙනසක්‌ නොවේ" යන හිසින් යුත් ලිපිය කිය වූ මට ඊට ඌණ පූර්ණයක්‌ ලියන්නට සිත්විය. අදාළ ලිපිය තුළින් දිලිනි ආරියවංශ අවධාරණය කරනු ලබන්නේ සාහිත්‍ය තුළින් පුද්ගලයාගේ ආකල්ප වෙනසක්‌ පමණක්‌ ඇති කරන බවත්, එතුළින් සමාජ වෙනසක්‌ සිදු නොවන බවත්ය. නමුත් ඇගේ අදහස ප්‍රාථමික මට්‌ටමේ පවතින බව අපට සිතේ. මන්දයත් මෙම අදහස තුළින් ඇත්ත වශයෙන්ම පාඨකයා අතරමංවීමත්, එසේත් නැතිනම් නිර්මාණකරුවා අතරමංවීමක්‌ සිදුවන්නා වූ බැවිනි.  සාහිත්‍යයෙහි අරමුණ පුද්ගලයා තුළ වින්දනයක්‌ ආශ්වාදයක්‌ ජනිතකරවීමය. පෙර අත් නොවිඳි ආනන්දයක්‌ පුසුෂ්පිත කරවීමය. සාහිත්‍ය තුළින් බොහෝ විට සිදුවනුයේ නිර්මාණකරුවාගේ පෞද්ගලික අත්දැකීමක්‌ නොඑසේනම් අනුභූතියක්‌ පොදු බවට හරවා එය සමාජ ගත කරවීමය.  "කලාකරුවා යථාර්ථයෙන් ආපසු හැරුණු කෙනෙකි. එසේ වුවද යථාර්ථය වෙත ආපසු පැමිණෙන මාර්ගය කලාකරුවා සොයාගෙන ඇත" යනුවෙන් මනෝවිශ්ලේෂණවාදී ගුරුකුලයේ කර්තෘවර සිග්මන් ෆෙයිඩ්, කලාකරුවා අරබයා සිය මතය දක්‌වා තිබුණේ එසේය. එනම්

නව අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ ප්‍රායෝගික ද?

Image
"අලුත් අලුත් දේ නොතනනා ජාතිය ලොව නොනගී" යනුවෙන් කුමාරතුංග මුනිදාස මහතා ප්‍රකාශ කොට ඇත්තේ එකතැන පල්වෙන සංස්‌කෘතියෙන් (culturer) ඔබ්බට මිදෙමින් අලුත් නිර්මාණ, නව සංකල්පනා සහ නවමු ආකාරයේ දෘෂ්ටිකෝණ (Point of viws) ඔස්‌සේ අනාගතය දකින්නට පුද්ගලයා උත්සාහවත් කිරීම සඳහාය. එය සත්‍යයකි. ඇති දේවල්වල නීරස තැන්වලට රසමුසු කොට නැවත තනා රසවත් තැන් තවත් රසවත් කොට අනාගතයට පියමන් කිරීම ලොව නගිනා ජාතියකට, එසේත් නොමැතිනම් සංවර්ධනය වන ජාතියකට (nation of developing) ඉමහත් ගාමකයක්‌ බව නොකියාම බැරිය. ශ්‍රී ලංකාවේ සාක්‍ෂරතාව 92% ක්‌ තරම් වේ. එබැවින් අප රටේ 92% ක්‌ තරම් වූ ජනපිරිසකට අකුරු ලිවීමට හෝ කියවීමට හෝ යන භාෂාත්මක (Knowlage of language) දැනුම් අවබෝධව පවතී. මේ අතරිනුත් භාෂා දෙක තුනක්‌ දන්නා උදවිය අප රටේ 10% ක්‌ පමණ සිටිති. මෙය අපූරු ප්‍රවණතාවකි. නමුත් පසුගිය වසර කිහිපයක අ. පො. ස (සා. පෙළ) විභාග ප්‍රතිඵල සසඳා බලන විට අප රටේ විභාගයට අසුන් ගන්නා පිsරිස්‌වලින් 50% ක්‌ තරම් වූ පිරිසක්‌ අසමත් වන බව හඳුනාගෙන තිබේ. මෙයට හේතුව කුමක්‌ද? යන්න සොයා බලන්නේ නම් ඉතා වටී. විශේෂයෙන් ම දක්‍ෂ ළමුන් පව

'ගැබ්බර මිනිසා', තේමාත්මක හැරවුමකි

Image
"නාට්‍ය සාහිත්‍යයක්‌ යනු සිත් ගන්නාසුලු වින්දනීය සිද්ධි මාලාවකින් සහ අවස්‌ථාවලින් පරිපූර්ණ වූ නළු නිළි පිරිසක්‌ විසින් ප්‍රේක්‍ෂක පිරිසක්‌ ඉදිරියේ රඟදැක්‌වීම සඳහාම නිර්මාණය කරන ලද අපේම ජීවිතය පිළිබඳ කවියක්‌ වන්නේය." (වෙම්බර්ස්‌ටර් ශබ්දකෝෂය) 'ගැබ්බර මිනිසා' නම ඇසුණු සැණින්ම අප සිතුවේ තවත් එක්‌ ප්‍රහසනාත්මක නාට්‍යයක්‌ නැරඹීමේ අවස්‌ථාවක්‌ පමණකි කියාය. නමුත් ලෝක ධර්මි නාට්‍ය කලා සම්ප්‍රදාය තුළ වත්මන් රැල්ලේ තේමාත්මක හැරවුමක්‌ වශයෙනුත්, යථාර්ථවාදයෙන් ඔබ්බට ගොස්‌ අධි යථාර්ථවාදය තුළ හිඳිමින් රස විඳිය හැකි නිර්මාණයක්‌ වශයෙනුත් ගැබ්බර මිනිසා ගොඩනැගී ඇති බව නාට්‍යය නැරඹීමෙන් පසු සිතුණි. ඓතිහාසික ග්‍රීක රංගන ශාලා ශෛලියේ ආභාසය ලබා නිර්මාණය කරන ලද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර රඟමඬල තුළ මා අසුන් ගෙන සිටියේ ප්‍රේක්‍ෂකාගාර අර්ධයේ දකුණු පසය. නමුත් වේදිකා පසුතල නිර්මාණය 'සරච්චන්ද්‍රවළට' නොගැළපෙන බවක්‌ නාට්‍ය ආරම්භයේදීම මට හැඟී ගියේය. මන්ද යත් 'මනමේ', 'සිංහබාහු' යන නාට්‍ය ධර්මි හෙවත් ශෛලිගත සම්ප්‍රදාය තුළින් නිර්මිත නාටකයන් උදෙසාම 'වළ' ම

සම්මතය දෙස නැවත හැරී බලන සුබ සහ යස

Image
සයිමන් නවගත්තේගමගේ "සුබ සහ යස්‌ වේදිකා නාට්‍ය වේදිකාගත වී පසුගිය 15 වැනිදාට වසර 40 ක්‌ සපිරීම නිමිත්තෙනි. (2014 මැයි මස 22 වන දින දිවයින පුවත්පතේ පළ වූ ලිපියකි) "කලාකරුවෝ (ඔවුන් පරාජය කරන ලද්ද වුන් හෝ ඉතාම දූෂිතයන් නොවන්නේ නම්) කිසිම දෘෂ්ටිවාදයකද මූලික වශයෙන් යහපත් දෘෂ්ටිවාදයක පවා සේවකයෝ නොවෙති. කලාකරුවන් පරිකල්පනය වෙතින් අපේක්‌ෂා කරන්නේ එහි සාමාන්‍ය සීමාවන්ගෙන් එපිටට ගොස්‌ ලෝකය අලුත් ආකාරයන්ගෙන් දැකීමයි."  - මාර්තා නස්‌බෝම් - සමාජයක දේශපාලනික මතවාද පිළිබ`ද පුළුල් ලෙස විවරණයක්‌ ලබාදීමට හැකිවන්නේ විශිෂ්ට කලා කෘතියකට පමණය. වර්ෂ 1974 මැයි මස 15 වැනිදා සුබ සහ යස වේදිකා නාට්‍යය පළමු වරට වේදිකාගත කෙරුණි. ප්‍රකට සාහිත්‍ය නිර්මාණකරුවකු වන සයිමන් නවගත්තේගමගේ පළමු "වේදිකා නාට්‍යය" මෙය වෙයි. සමාජ, දේශපාලනික ප්‍රවාහය වෙත සියුම් දෘෂ්ටියකින් හා ගැඹුරු අවලෝකනයකින් නිර්මාණය වූ මෙම නිර්මාණයට අපගේ අවධානය යොමු වීමට විශේෂයෙන්ම සහේතුක වූයේ, මෙහි පවතින යාවත්කාලීන ගුණයයි. මෙහි පාරප්‍රබන්ධනාත්මක (Meta-Fictional) ලක්‍ෂණ පවතී. එනම් අප විසින් මීට පෙර අසා දැන ඇති පුවතක්

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

Image
"දුරාතීතයේ පටන් ම මිනිසා ‘හොඳ’ හා ‘නරක’ අතරේ දෝලනය වෙමින් සිටී. සම්මත ව පවත්නා ‘හොඳ’ හා ‘නරක’ වූ කලී ජීවවිද්‍යාත්මක සංකල්පයක් නො වේ. එය සංස්කෘතිය හෝ සම්ප‍්‍රදාය විසින් අප තුළට කාවද්දනු ලැබූවකි. සමාජය තුළ මුල් බැස ගෙන ඇති ‘හොඳ - නරක’ නැත හොත් ‘යහපත’ හා ‘නපුර’ පිළිබඳ නිරීක්ෂණාත්මක පර්යේෂණයක යෙදෙන්නෝ විශිෂ්ට සාහිත්‍යකරුවෝ  ය."                                 - කැත්ලීන් ජයවර්ධන  (ධවල නිම්නය, පිළිසඳර) පිවිසුම සමාජයට හානිදායක, පුද්ගලයාට අනතුරුදායක බොහෝ දෘෂ්ටිවාද, පාරම්පරික වුත් සාම්ප‍්‍රදායික වුත් සාහිත්‍යය ඔස්සේ සාමාන්‍ය දැනුම බවට පත්ව ඝනීභූතව ඇත. සාහිත්‍යයෙන් විය යුත්තේ මෙම දෘෂ්ටිවාද විචාරයට ලක්කිරීම වුවද විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවේ එය සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. දෘෂ්ටිවාද යනු විශේෂයෙන්ම පොදු කරුණුවලදී අදාළ වන හරයාත්මක ක‍්‍රමවේදයක් වන බවට කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් චින්තන කි‍්‍රයාවලියක් ඔස්සේ සිදුකරන එම සමාජමය වෙනස් කිරීම, පුද්ගලයාගේ අයහපත, පීඩනය වෙනුවෙන් බොහෝවිට ක‍්‍රියාත්මක වනු පෙනේ. ආගමික දෘෂ්ටිවාදයන්ට මුවා වී සංස්කෘතික නිර්මිතයන්ට කොටු වී ඇති මෙම දෘෂ්ට