ළමා ආරක්ෂාව, නීතිමය වගකීම සහ ග්‍රාමනිලධාරීවරයාගේ භූමිකාව
ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ බිම් මට්ටමින් මහජනතාව සමඟ සෘජුවම සම්බන්ධ වන ප්‍රධානතම රාජ්‍ය නිලධාරියා වන්නේ ග්‍රාමනිලධාරීවරයා ය. ශ්‍රී ලංකාව පුරා ග්‍රාම සේවා වසම් 14,022ක් ක්‍රියාත්මක වන අතර, රටේ සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්, එනම් මිලියන 5කට අධික (ලක්ෂ 50කට වැඩි) පිරිසක් ළමා ජනගහනය (වයස අවුරුදු 18ට අඩු) ලෙස වර්ගීකරණය වේ. වසමක වෙසෙන මෙම අනාගත පරපුරේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම දෙමාපියන්ට පමණක් නොව, ග්‍රාමනිලධාරීවරයා මෙන්ම වසමක සිටින අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සියලුදෙනාම සතු අත්හළ නොහැකි ප්‍රමුඛතම වගකීමකි. නමුත් එහිදී ග්‍රාම නිලධාරී වෙත පැවරෙන වගකීම ඉතා ප්‍රබලය. මෙම සටහන නවක ග්‍රාම නිලධාරීවරුන්ට සිය දැනුම වෙනුවෙනුත්, අත්දැකීම් සහිත නිලධාරීන්ට සිය දැනුම තවදුරටත් වර්ධනය කරගැනීම සඳහාත් සුදුසු පරිදි සරලව සකසා ඇත. එනිසා කියවීමෙන් පසු ඒ දැනුම හුවමාරුව කරගැනීමටත් අමතක කරන්න එපා. 🛑 වසමේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළයුතු ආකාරය ග්‍රාමනිලධාරීවරයෙකු සිය වසම තුළ ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් ඔස්සේ කටයුතු කළ යුතුය: 👉 දත්ත පද්ධතියක් පවත්වා ගැන...