ළමා ආරක්ෂාව, නීතිමය වගකීම සහ ග්‍රාමනිලධාරීවරයාගේ භූමිකාව

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ බිම් මට්ටමින් මහජනතාව සමඟ සෘජුවම සම්බන්ධ වන ප්‍රධානතම රාජ්‍ය නිලධාරියා වන්නේ ග්‍රාමනිලධාරීවරයා ය. ශ්‍රී ලංකාව පුරා ග්‍රාම සේවා වසම් 14,022ක් ක්‍රියාත්මක වන අතර, රටේ සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්, එනම් මිලියන 5කට අධික (ලක්ෂ 50කට වැඩි) පිරිසක් ළමා ජනගහනය (වයස අවුරුදු 18ට අඩු) ලෙස වර්ගීකරණය වේ.
වසමක වෙසෙන මෙම අනාගත පරපුරේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම දෙමාපියන්ට පමණක් නොව, ග්‍රාමනිලධාරීවරයා මෙන්ම වසමක සිටින අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සියලුදෙනාම සතු අත්හළ නොහැකි ප්‍රමුඛතම වගකීමකි. නමුත් එහිදී ග්‍රාම නිලධාරී වෙත පැවරෙන වගකීම ඉතා ප්රබලය.
මෙම සටහන නවක ග්‍රාම නිලධාරීවරුන්ට සිය දැනුම වෙනුවෙනුත්, අත්දැකීම් සහිත නිලධාරීන්ට සිය දැනුම තවදුරටත් වර්ධනය කරගැනීම සඳහාත් සුදුසු පරිදි සරලව සකසා ඇත. එනිසා කියවීමෙන් පසු ඒ දැනුම හුවමාරුව කරගැනීමටත් අමතක කරන්න එපා.
🛑 වසමේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළයුතු ආකාරය
ග්රාමනිලධාරීවරයෙකු සිය වසම තුළ ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් ඔස්සේ කටයුතු කළ යුතුය:
👉 දත්ත පද්ධතියක් පවත්වා ගැනීම:
වසමේ සිටින සියලුම දරුවන්, විශේෂයෙන්ම මවුපියන් අහිමි, තනිදෙමාපිය (Single-parent) පවුල්වල දරුවන්, මවුපියන් විදේශගත වූ දරුවන් සහ ආබාධිත දරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ලේඛනයක් සකස් කර තිබීම.
* ළමා සුරැකුම් කමිටු සක්‍රීය කිරීම: වසම් මට්ටමින් "ග්‍රාමීය ළමා ආරක්ෂක කමිටු" පිහිටුවා ඒවා නිසි පරිදි මෙහෙයවීම.
* පූර්ව හඳුනාගැනීම සහ නිරීක්ෂණය:
දරුවන් විවිධ හිංසනයන්ට, මත්ද්‍රව්‍යවලට හෝ අපරාධවලට ගොදුරු වීමේ අවදානමක් ඇත්නම් ඒ පිළිබඳව නිරීක්ෂණයෙන් පසුවීම. මොකද දෙයක් වුණාට පස්සෙ මොනතරම් මහන්සි උනත් වැඩක් නැහැ. වෙන්න කලින් තමයි දේවල් වළක්වාගත යුතුවන්නේ.
* දැනුවත් කිරීමේ වැඩසටහන් වසම පුරාවට ක්‍රියාත්මක කිරීම: එහිදී පාසල්, දහම් පාසල් සහ ග්‍රාමීය සමිති මට්ටමින් ළමා අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දෙමාපියන් සහ ප්‍රජාව දැනුවත් කිරීම. ළමා ආරක්ෂක නිලධාරීන්ගේ, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ සහ උපදේශන නිලධාරීන් වැනි වගකිවයුතු නිලධාරීන්ගේ සම්පත්දායකත්වය මෙම වැඩසටහන්වලට ලබාගත හැකිය. ග්‍රාම නිලධාරීන්ට ඇත්තේ ඇත්තටම සම්බන්ධීකරණ කාර්යයකි.
* ජාතික ළමා උපකාරක සේවය ප්‍රවර්ධනය: වසමේ ඕනෑම අයෙකුට ළමා ගැටලුවක් පිළිබඳව නොමිලේ ඇමතිය හැකි '1929' කෙටි අංකය (ජාතික ළමා ආරක්ෂක අධිකාරිය) පිළිබඳව ප්‍රජාව නිරන්තරයෙන් දැනුවත් කිරීම.
👉 අපි වසමක සිදුවූ සරල සිද්ධි අධ්‍යයනයක් (Case Study) ආශ්රයෙන් ළමා ආරක්ෂණ ක්‍රියාවලිය ගැන අවබෝධයක් ගමු.
ළමා අපයෝජන හෝ නොසලකා හැරීම් බිම් මට්ටමින් සිදුවන ආකාරය සහ එහිදී ග්‍රාමනිලධාරී මැදිහත්වීම තේරුම් ගැනීමට මෙම නියැදි සිද්ධිය අධ්‍යයනය කළ හැකිය.
සිද්ධි විස්තරය:
එක්තරා ග්‍රාම සේවා වසමක වයස අවුරුදු 12ක දැරියක් දිගින් දිගටම පාසල් නොපැමිණෙන බවට අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් ග්‍රාමනිලධාරීවරයා දැනුවත් කරනු ලැබීය.
වහාම ක්‍රියාත්මක වූ ග්‍රාමනිලධාරීවරයා, වසමේ අනෙකුත් නිලධාරීන්ද සමග අදාළ නිවසට ගොස් පරීක්ෂා කළේය. දැරියගේ මව විදේශගත වී ඇති අතර, පියා දැඩි ලෙස මත්පැන්වලට ඇබ්බැහි වී දැරියට දැඩි ලෙස හිංසා කරමින්, ඇයව ගෘහ සේවයට යැවීමට උත්සාහ කරන බව එහිදී අනාවරණය විය.
ග්‍රාමනිලධාරීවරයා ගත් ක්‍රියාමාර්ග:
1. ක්ෂණික වාර්තාකරණය: ග්‍රාමනිලධාරීවරයා විසින් වහාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂක නිලධාරී සහ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ව ලිඛිතව දැනුවත් කළ අතර, තවදුරටත් මෙය නීතීයෙන්ම ශක්තිමත් ක්‍රියාවලියක් බවට පත්කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දුරකථන අංකය හරහා සිද්ධිය වාර්තා කරන ලදි.
2. නීතිමය මැදිහත්වීම: පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ සහාය ඇතිව දැරිය ආරක්ෂිත ස්ථානයකට (පරිවාස භාරයට) යොමු කර, පියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සාක්ෂි සම්පිණ්ඩනය කළේය.
3. ප්‍රතිඵලය: දැරියගේ ආරක්ෂාව තහවුරු කර, ඇයට නැවත පාසල් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දෙන ලදි.
👉 ග්‍රාම නිලධාරීට ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අදාළ කරගත හැකි ජාත්‍යන්තර සහ දේශීය නීතිමය බැඳීම් කිහිපයක්ද පහත් පරිදි දක්වමු.
ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ග්රාමනිලධාරීවරයෙකුට පැවරී ඇති නීතිමය වගකීම් සහ පනත් ඉතා දැඩි වේ:
(A) 2007 අංක 56 දරන ICCPR පනත (සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත)
මෙම ICCPR පනතේ 5 වන වගන්තියට අනුව, සෑම දරුවෙකුටම ප්රචණ්ඩත්වය, නොසලකා හැරීම, අපයෝජනය සහ ප්‍රසිද්ධියේ අවමානයට ලක්වීමෙන් (Humiliation) ආරක්ෂා වීමේ අයිතිය ඇත. එමෙන්ම ළමයා සම්බන්ධ සියලු පරිපාලනමය තීරණවලදී "ළමයාගේ උපරිම යහපත" (Best interest of the child) ප්‍රමුඛතම සාධකය විය යුතුය. ග්රාමනිලධාරීවරයෙකු තම වසමේ දරුවෙකුගේ රහස්‍යභාවය ආරක්ෂා නොකිරීම හෝ අවමානයට ලක්වන පරිදි කටයුතු කිරීම මෙම පනත උල්ලංඝනය කිරීමකි.
(B) ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය (Penal Code)
දණ්ඩ නීති සංග්‍රහය තුළ ළමයින්ට සිදුවන අපරාධ සම්බන්ධයෙන් සෘජු ප්‍රතිපාදන ඇත:
* විශේෂයෙන්ම 308 (A) වගන්තිය (ළමයින්ට සිදුකරන කුරිරුකම්): වයස අවුරුදු 18ට අඩු දරුවෙකුට කායික හෝ මානසික වශයෙන් හිතාමතාම වේදනාවක්, තුවාලයක් හෝ කුරිරුකමක් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
* එමෙන්ම 286, 288, 288අ, 288ආ, 308අ, 360අ, 360ආ, 360 ඇ, 363, 364, 365, 365අ, 365ආ යන වගන්ති 13 ට අදාළව සිදුවන අපරාධ ළමා අපයෝජන ලෙස සැලකේ. මේවා පිළිබඳව අවබෝධයක් තිබීම ඉතා වැදගත් වන අතර, දණ්ඩනීතී සංග්‍රහයක් නිතර තම පරිහරණයට තබාගැනීමටද අප මෙහිදී යෝජනා කරමු.
* රාජ්‍ය නිලධාරියෙකු ලෙස ග්‍රාමනිලධාරීවරයා තම වසම තුළ මෙවැනි සංඥය වැරදි (Cognizable Offenses) සිදුවන බව දැනගෙන එය වසන් කළහොත්, දණ්ඩ නීති සංග්‍රහය යටතේම ඔහුද වරදකරුවෙකු විය හැකිය.
(C) 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත
මෙම පනත යටතේ ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි තත්ත්වයන් වාර්තා කිරීමේ නීතිමය බැඳීමක් රාජ්‍ය නිලධාරියෙකු ලෙස ග්‍රාමනිලධාරී සතුවේ.
(D) 1939 අංක 48 දරන ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥාපනත
අනතුරට පත් වූ හෝ රැකවරණය අහිමි වූ දරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමේදී සහ අධිකරණ ක්‍රියාවලීන්හිදී සහය වීමටද ග්‍රාම නිලධාරීට සිදුවේ.
👉 යාවත්කාලීන තොරතුරු පද්ධතියක ඇති වැදගත්කම සහ ඉදිරි කටයුතු
සිය වසමේ දරුවන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලේඛනයක් (Updated Database) පවත්වාගෙන යාම නීතිමය බැඳීමක් පමණක් නොව, ග්‍රාමනිලධාරීවරයාගේ ඉදිරි සැලසුම් සහ රාජකාරි සඳහා අතිශය ප්‍රයෝජනවත් වේ:
👇 සුබසාධන ප්රතිලාභ බෙදාදීම: රජයෙන් හෝ රාජ්‍ය නොවන සංවිධාන මඟින් ලබාදෙන පෝෂණ මලු, ශිෂ්‍යත්ව, සහ අභ්‍යාස පොත් වැනි ප්රතිලාභ සැබෑ ලෙසම අසරණ වූ දරුවන් වෙත කාර්යක්ෂමව ළඟා කරදීමට මෙම දත්ත පද්ධතිය උපකාරී වේ.
👇 අනන්‍යතා සහ පදිංචි සහතික නිකුත් කිරීම: දරුවන්ගේ උපත් ලියාපදිංචි කිරීම්, ජාතික හැඳුනුම්පත් (NIC) ලබා ගැනීමට පදිංචිය තහවුරු කිරීම සහ පාසල් ඇතුළත් කිරීම් සඳහා වන සහතික නිකුත් කිරීමේදී කිසිදු ප්‍රමදයකින් තොරව කටයුතු කිරීමට හැකිවේ.
👇 හදිසි ආපදා කළමනාකරණය: ගංවතුර, නායයෑම් හෝ වසංගත තත්ත්වයන් වැනි හදිසි ආපදාවකදී වසමේ සිටින ළමුන් සහ කිරිදෙන මව්වරුන් වහාම ඉවත් කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමටත් නිවැරදි දත්ත තිබීම අත්‍යවශ්‍ය වේ.
👇 ළමා ශ්‍රමිකත්වය වැළැක්වීම: වයස අවුරුදු 16-18 අතර ළමුන් පාසල් අධ්‍යාපනය ලබන්නේද නැතහොත් අවදානම් රැකියාවල නිරත වන්නේද යන්න නිරීක්ෂණය කර ළමා ශ්‍රමිකත්වය (වයස අවුරුදු 16/18ට අඩු දරුවන් සේවයේ යෙදවීම) මුලිනුපුටා දැමීමට හැකියාව ලැබේ.
👇 එස්ම අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතු දරුවන් අධ්‍යාපනය ලැබීම, නොලැබීම ගැන අවබෝධයක් ලබාගැනීමටත් යාවත්කාලීන තොරතුරු තමන් සතුව පවත්වාගැනීම වැදගත් වේ.
🛑 විශේෂයෙන්ම ගමේ අපක්ෂපාතී හා විශ්වසනීය ප්‍රජා නායක කණ්ඩායමක් තමන්ගේ සම්බන්ධීකරණය ඇතුව පවත්වාගෙන යාම හරහා ග්‍රාම නිලධාරීන්ට වසමේ තොරතුරු ඉතා කඩිනමින් ලබාගත හැකිය. එම කණ්ඩායමට විවිධ වයස්වල විශ්වාසවන්ත අවංක පිරිස් සම්බන්ධ කරගැනීමෙන් සෑම අංශයක් ගැනම අවබෝධයක් ලබාගත හැකිය.
👉 තාක්ෂණය භාවිතය සහ රහස්‍යභාවය: වසමේ අවදානම් සහගත දරුවන් සිටින පවුල් පිළිබඳ දත්ත පද්ධතියක් ඩිජිටල් තාක්ෂණයෙන් (උදා: Excel හෝ ජංගම යෙදවුම්) රහස්‍යභාවය සුරකිමින් පවත්වා ගැනීමද දිගුකාලීන සැලසුම් සඳහා වැදගත් වේ.
👉 සහයෝගීව කටයුතු කළයුතු නිලධාරීන් සහ ආයතන
ළමා ආරක්ෂාව යනු හුදකලා කාර්යයක් නොවන බැවින්, ග්‍රාමනිලධාරීවරයා පහත සඳහන් පාර්ශවයන් සමඟ සමීප ජාලගත සබැඳියාවක් (Networking) පවත්වා ගැනීම ඉතාම වැදගත්ය.
📌ළමා ආරක්ෂක නිලධාරී DIVCPO
📌 ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධන නිලධාරී CRPO
📌 උපදේශන නිලධාරීන්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින මෙම නිලධාරීන් සමඟ එක්ව අවදානම් සහගත දරුවන් පුනරුත්ථාපනය, උපදේශන (Counselling) සහ නීතිමය සහය දීමට හැකිය.
📌 පරිවාස නිලධාරී (Probation Officer) අධිකරණ නියෝග යටතේ රැකවරණය ලබන දරුවන් සහ පවුල් පරිසරය නිරීක්ෂණය කිරීම.
📌 ළමා හා කාන්තා කාර්යාංශය (ශ්‍රී ලංකා පොලිසිය) ළමා අපයෝජනයක් හෝ අනතුරක් සිදුවූ වහාම නීතිය ක්‍රියාත්මක කිරීම සහ ක්ෂණික නීතිමය පියවර ගැනීම සඳහා තොරතුරු ලබාදීම.
📌 පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය (Midwife) දරුවන්ගේ පෝෂණය, සෞඛ්‍යය, මන්දපෝෂණ තත්ත්වයන් සහ මුල් ළමාවිය සංවර්ධනයේදී ඇතිවන ගැටලු හඳුනාගැනීම.
📌 විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දරුවන්ගේ පාසල් පැමිණීම, අධ්‍යාපනය මඟහැරීම් සහ චර්යාත්මක වෙනස්කම් පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම.
🛑🛑 වගකීම් පැහැරහැරීම නිසා ඇතිවිය හැකි ගැටළු සහ ප්‍රතිවිපාක
ග්රාමනිලධාරීවරයෙකු සිය වසමේ දරුවන් පිළිබඳ වගකීම පැහැර හැරියහොත් සමස්ත සමාජයට මෙන්ම පුද්ගලිකව එම නිලධාරියාටද බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවේ:
* ළමා අපයෝජන සහ අපරාධ වර්ධනය වීම:
වසම තුළ ළමා ශ්‍රමිකත්වය, ලිංගික අතවර, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට දරුවන් යොදාගැනීම වැනි නීතිවිරෝධී ක්‍රියා බාධාවකින් තොරව සිදුවිය හැකි අතර, මුළු ගමම අනාරක්ෂිත කලාපයක් බවට පත්වේ.
* අධ්‍යාපනය මඟහැරීම සහ මන්දපෝෂණය:
අවදානමට ලක්වූ පවුල් නිසි පරිදි හඳුනා නොගැනීම නිසා දරුවන් පාසල් අධ්‍යාපනයෙන් දුරස් වීම සහ සෞඛ්‍ය පිරිහීම සිදුවේ.
* ආයතන සංග්‍රහය (Establishment Code) යටතේ විනය ක්‍රියාමාර්ග: රාජ්‍ය සේවා කොමිෂන් සභා රීති සහ ආයතන සංග්‍රහය යටතේ රාජකාරි පැහැර හැරීම, තොරතුරු වසන් කිරීම හෝ නොසලකා හැරීම මත වැඩ තහනම් කිරීම්, වැටුප් වර්ධක අත්හිටුවීම් හෝ ස්ථාන මාරුවීම් වැනි විනයානුකූල දඬුවම්වලට යටත් වීමට සිදුවේ.
* අපරාධ නීතිය යටතේ වගකීම: ළමා අපයෝජනයක් හෝ සංඥය වරදක් පිළිබඳව දැනුවත්ව සිට එය වසන් කිරීම හෝ වාර්තා නොකිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේම දඬුවම් ලැබිය හැකි වරදක් විය හැකිය.
සාරාංශය:
ග්‍රාමනිලධාරීවරයා යනු හුදෙක් පරිපාලන ලේඛන සහතික කරන නිලධාරියෙකු පමණක් නොවේ. ඔහු සිය වසමේ වෙසෙන මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකීය දරුවන්ගේ අයිතිවාසිකම් සහ ජීව අයිතිය සුරකින "සැබෑ භාරකරුවෙකි". නිසි නීතිමය අවබෝධය, යාවත්කාලීන දත්ත කළමනාකරණය සහ මානුෂීය මැදිහත්වීම තුළින් පමණක්ම ආරක්ෂිත මෙන්ම සාරධර්මවලින් පිරි ගමක අඩිතාලම දැමීමට ග්රාමනිලධාරීවරයාට හැකියාව ඇත. තම වසමේ කටයුතු නිසි පරිදි ජනතා හිතකාමීව, බුද්ධිමත් ලෙස කළමනාකරණය කරගතහොත් මෙරට සිදුවන බොහොමයක් ළමා අපයෝජන පමණක් නොව ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැනි වෙනත් ආකාරයේ සමාජ විරෝධී ක්‍රියාවන් රැසක්ම වළක්වා ගැනීමට ග්‍රාම නිලධාරී ඇතුළු වසමේ රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමට හැකියාව ඇත.
✍️ සටහන
කසුන් සී තිලකරත්න
ළමා ආරක්ෂක නිලධාරී
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර
Comments
Post a Comment