මා දෙනුවන් මග බලනා....


මට මගේම වන ආදරයක් ඇත
දුර ඈත ඉදන් පෙම් කරනා....
දසුන් දකින්නට
වදන් අසන්නට
දහසක් පෙරුමන් පුරනා....

හීනෙන් ඇහැරී මහ රෑ මැදියම
ඔබේ නමම මුමුනමිනා....
හදවත තනි වී
වත නිති ගොළු වී
දෑසම කදුළින් තෙමුණා.....

නොසිතු නිමේෂෙක
හමු වූ අප නෙතු
සදාකාලිකයි හැගෙනා....
මමම දනී මට
මේ ලොව සොහොනකි
කදුළැලි සුසුමන් පිරෙනා....

ඔබගෙන් වදනක් අසනුව රිසියෙන් 
මා දෙනුවන් මග බලනා....
ආදරියේ යළි කතා කරනු මැන
සෙනෙහෙ වදනකින් සොදිනා....


Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)