අහිමි වූ කල මා වෙතම මා
මගේ කැඩපතින් මාව දකින්නට
මගේම අඩි මත පා තබන්නට
දුන මැනවි අවසර පියාණෙනි
නිබද පිළි සළු මිහිරි මසවුළු
හිතට බර වැඩි වෙලා පියාණෙනි
හමන සැඩ සුළග මැද
දැනෙන අව් ගිනියමේ
දිවි අරුත විදගන්න අවසරයි රුදු හිමේ
සැගව ගිය පිළබිඹුව මාගේ
සොයනු රිසි අවසර පියාණෙනි
සියල් සසොබන මිහිරි ලෝකය
ඔබේ නාමෙන් උරුම වුව මට
අහිමි වූ කල මා වෙතම මා
කිනම් පල වෙද විසුම ලොව් තුළ
සිද්ධාර්ථ - හර්මන් හෙසhermen hessa

Comments
Post a Comment