අහිමි වූ කල මා වෙතම මා


මගේ කැඩපතින් මාව දකින්නට
මගේම අඩි මත පා තබන්නට
දුන මැනවි අවසර පියාණෙනි

නිබද පිළි සළු මිහිරි මසවුළු
හිතට බර වැඩි වෙලා පියාණෙනි
හමන සැඩ සුළග මැද
දැනෙන අව් ගිනියමේ
දිවි අරුත විදගන්න අවසරයි රුදු හිමේ

සැගව ගිය පිළබිඹුව මාගේ
සොයනු රිසි අවසර පියාණෙනි
සියල් සසොබන මිහිරි ලෝකය
ඔබේ නාමෙන් උරුම වුව මට
අහිමි වූ කල මා වෙතම මා
කිනම් පල වෙද විසුම ලොව් තුළ

සිද්ධාර්ථ - හර්මන් හෙසhermen hessa

Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)