දනිමි හැදින්නෙමි හදවත මනරම්















දනිමි හැදින්නෙමි හදවත මනරම්
මවමි සුසුම්ලමි ඔය වත, දෙනුවන්
කෙලෙස කියන්නද හදවත රිදවුම්
ඒත් දනිමි ඔබ නොවෙනස් වගනම්

ඔබ වෙනුවෙන් මා පබදින මේ පද
තාලය ඉල්ලා හඩා වැටේ
සීමාවක් ඇරඹුමක් එයට නැත
සිතුවිලි නිහඩයි ඉතිං ළදේ

ජීවන ගමනේ සොදුරු නිමේෂෙක
හිනැහී දිදුළන නුවන් ඔබේ
මතු මතුවත් එලෙසම බැබළේවා
පැතුම එයයි හද දිනූ ළදේ.....

Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)