Posts

සමකාලීන සමාජ අර්බූද ඉදිරියේ පුද්ගලයාගේ හෘද සාක්ෂිය

Image
‘උගත්, ප්‍රජාතාන්ත්‍රික පුරවැසියන් වීමට නම් ඔවුන් ජාතික හා ලෝක පරිමාණ  අදාළත්වයකින් යුතු වූ ද පළල් කලාපයක විහිදුණා වූ ද ප්‍රශ්න සමුදායක් ගැන හොඳින් සිතන හෝ ඒ සම්බන්ධ හොඳ තෝරා ගැනීම් කරන පිරිසක් විය යුතුය...ඉතා ඉක්මනින් විවිධාකාරයේ උස්පහත් භේද හා ධුරාවලීන්ටත්, ඊටත් වඩා දරුණු වී කණ්ඩායම් අතර පසමිතුරු බවේ හිංසක ව්‍යාප්තිවලටත් මිනිසා ඇද දමන යමක් මිනිස් ජීවිතයේ තිබේද? තිබේනම් ඒ කුමක්ද? පාලනය හා ආධිපත්‍ය සොයන්නන් බවට බලය ඇති කණ්ඩායම් පත්කරන බලවේග මොනවාද? සෑම තැනකම පාහේ සුළුතර මනුෂ්‍යයන් අපකීර්තියට පත් කිරීමටත්, ඔවුන්ට කැළල් කිරීමටත් බහුතර මනුෂ්‍යන් යොමු කරන බලවේගය කුමක්ද? මේ බලවේග මොනවා වුවත් අවසානයේ දී වගකීම් සහගත ජාතික හා ගෝලීය පුරවැසිභාවය සඳහා වන අධ්‍යාපනය, සටන් කළ යුත්තේ ඒ බලවේග සමගය.’ - මාතා නස්බෝම් -  මිනිසෙකු ලෙස උපත ලැබීම පිළිබඳව මිනිසුන් වශයෙන් අප නිරන්තරයෙන් සතුටු වන්නෙමු. එමෙන්ම මිනිසා විසින්ම මිනිසා වෙත විවිධ නිර්වචන සපයමින් මානව කේන්ද්‍රීය වූ ලෝකයක් ගොඩනගමින් ජීවත් වන්නෙමු. නමුත් සමකාලීන සමාජය තුළ අපගේ ඇස් පනාපිටම මනුෂ්‍යා මනුෂ්‍යාටත් එමෙන්ම ඔහු සමාජයටත් අහිමිවෙමින් පවතින බවක් න

කොරෝනා ගෙනා සමාජ ප්‍රශ්න

Image
ගෝලීය වසංගතයක් ලෙස කොරෝනා අද වනවිට සමස්ත මනුෂ්‍ය ජීවිතයම ව්‍යාකූල කොට හමාරය. උපන් නූපන් දරුවාගේ පටන් කිසිදු භේදයකින් තොරව මෙය සිදුකොට ඇති අහිතකර බලපෑම සුළුපටු නොවේ. මෙම අවධානම කවදා කෙලෙස අවසන් වේවිදෝ යන්න දැන්ම තියා පුරෝකථන සැපයීමටද කල් වැඩිය. නමුත් යම් දිනෙක කෙලෙසකින් හෝ මෙම අර්බූදකාරී තත්ත්වය අවසන් වනු ඇති බවට සමස්ත ලෝකවාසීන් තුළම සැගවුණු, අවිනිශ්චිත බලාපොරොත්තුවක් ඇති බව අපි දනිමු. කෙසේ නමුත් පසුගිය මාස 05ක 06ක කාලය තුළ මිනිසාට ජීවිතය දෙස නැවත සිහිබුද්ධියෙන් හැරී බලන්නට කොරෝනා විසින් ඉගැන්වූ පාඩම්නම් බොහෝය. එසේම පසුගිය මාස කිහිපයක සිට අපගේ චර්යාව පෙර නොවූ විරූ ආකාරයකට වෙනස්වීමට පටන්ගෙන ඇත. දෛනිකව අප නිරීක්ෂණය කරමින් සිටියේ ඇදිරිනීතිය කවදාද? කුමන ප්‍රදේශවලටද? අද දින අප රටේ කොරෝනා රෝගීන් ගණන කොපමණද? මරණ කොපමණද? රජයෙන් රු. 5000 ලබාදෙන්නේ කවදාද? ඉදිරි මාසවලත් එය ලැබෙයිද? යනාදී වශයෙන් වූ සීමිත අවශ්‍යතා, වුවමනාවන් කිහිපයක් දෙස පමණක් ඒකාකාරී දෛනික අවධානයක් පමණි. එබැවින් මෙම පසුබිම තුළ ඇතිවී තිබෙන සමාජ ප්‍රශ්න පිළිබදව අවධානය යොමු නොවන අතරම්ය. එයට හේතුව සමස්ත ලෝකයේම දිශානතිය එක් දිසාවකට පමණක

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.? (බලධාරීන් විසින් අසරණ කරනු ලැබූ ළමා ආරක්ෂක නිලධාරීන්ගේ කදුළු කතාව)

Image
                     ගොයමේ ආරක්ෂාවට නියර බ`දින ගොවියා, ගොයමේ මෙන්ම නියරේත්; නොහොත් සමස්ත කුඹුරේම ආරක්ෂාවට වැටක් බැ`දීම ආරම්භ කරනු ලැබුවේ මානව යුග පෙරළියේ එක් යුගයක් වූ ගොවි යුගය ආරම්භයේ පටන්මය. එනමුත් ඛේදයකි ! ගොයමේ ආරක්ෂාවට බැ`දි නියර සහ වැට එක්ව ගොයම කා දැමූ කල ගොවියාට දැනෙන හිත් වේදනාව හා පාඩුව පිරි අපේක්ෂා භංගත්වය කෙලෙසකනම් සන්සි`දුවන්නද? ආරක්ෂාව භාරගත් අය විසින්ම ආරක්ෂාවට පාත‍්‍ර වූ වස්තුව විනාශකර දමා තිබේ, එම විශ්වාසය පළුදුකොට තිබේ. ප‍්‍රස්ථා පිරුළක් ලෙස ව්‍යවහාරගත වූ මෙම ‘වැටත් නියරත් ගොයම් කා නම්....’ කියමන පරිපාලනමය වශයෙන් අසාධාරණයකට ලක්වූ පසුව එම දුක, වේදනාව හා පීඩනය කියාගන්නට කිසිවෙකුත් නොවන තැන නිරන්තරයෙන්ම සිහියට නැ`ගීම වැළැක්විය නොහැක. එසේනම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පත්වීම්වලට සුදුසුකම් ළත් නිලධාරීන් 116 දෙනාටද මේ සිදුවී ඇත්තේ එවන් වූ අවනඩුවක් නොවේද? අයදුම්පත් කැදවීමේ සිට සම්මුඛ පරීක්ෂණ දක්වා දිනය වර්ෂ 2017 මැයි මස 28 වැනිදායි. එදින පළ වූ සතිඅග ප‍්‍රසිද්ධ ජාතික පුවත්පත් නිවේදනයකට අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප‍්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී (ඵ් 03 –

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

Image
පසුගිය සතියක දිවයින "වටමඩල" සාහිත්‍ය කලා සංග්‍රහයේ පළ වූ "සාහිත්‍යයෙන් සිදු කළ හැක්‌කේ ආකල්ප වෙනසක්‌ විනා සමාජ වෙනසක්‌ නොවේ" යන හිසින් යුත් ලිපිය කිය වූ මට ඊට ඌණ පූර්ණයක්‌ ලියන්නට සිත්විය. අදාළ ලිපිය තුළින් දිලිනි ආරියවංශ අවධාරණය කරනු ලබන්නේ සාහිත්‍ය තුළින් පුද්ගලයාගේ ආකල්ප වෙනසක්‌ පමණක්‌ ඇති කරන බවත්, එතුළින් සමාජ වෙනසක්‌ සිදු නොවන බවත්ය. නමුත් ඇගේ අදහස ප්‍රාථමික මට්‌ටමේ පවතින බව අපට සිතේ. මන්දයත් මෙම අදහස තුළින් ඇත්ත වශයෙන්ම පාඨකයා අතරමංවීමත්, එසේත් නැතිනම් නිර්මාණකරුවා අතරමංවීමක්‌ සිදුවන්නා වූ බැවිනි.  සාහිත්‍යයෙහි අරමුණ පුද්ගලයා තුළ වින්දනයක්‌ ආශ්වාදයක්‌ ජනිතකරවීමය. පෙර අත් නොවිඳි ආනන්දයක්‌ පුසුෂ්පිත කරවීමය. සාහිත්‍ය තුළින් බොහෝ විට සිදුවනුයේ නිර්මාණකරුවාගේ පෞද්ගලික අත්දැකීමක්‌ නොඑසේනම් අනුභූතියක්‌ පොදු බවට හරවා එය සමාජ ගත කරවීමය.  "කලාකරුවා යථාර්ථයෙන් ආපසු හැරුණු කෙනෙකි. එසේ වුවද යථාර්ථය වෙත ආපසු පැමිණෙන මාර්ගය කලාකරුවා සොයාගෙන ඇත" යනුවෙන් මනෝවිශ්ලේෂණවාදී ගුරුකුලයේ කර්තෘවර සිග්මන් ෆෙයිඩ්, කලාකරුවා අරබයා සිය මතය දක්‌වා තිබුණේ එසේය. එනම්

නව අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ ප්‍රායෝගික ද?

Image
"අලුත් අලුත් දේ නොතනනා ජාතිය ලොව නොනගී" යනුවෙන් කුමාරතුංග මුනිදාස මහතා ප්‍රකාශ කොට ඇත්තේ එකතැන පල්වෙන සංස්‌කෘතියෙන් (culturer) ඔබ්බට මිදෙමින් අලුත් නිර්මාණ, නව සංකල්පනා සහ නවමු ආකාරයේ දෘෂ්ටිකෝණ (Point of viws) ඔස්‌සේ අනාගතය දකින්නට පුද්ගලයා උත්සාහවත් කිරීම සඳහාය. එය සත්‍යයකි. ඇති දේවල්වල නීරස තැන්වලට රසමුසු කොට නැවත තනා රසවත් තැන් තවත් රසවත් කොට අනාගතයට පියමන් කිරීම ලොව නගිනා ජාතියකට, එසේත් නොමැතිනම් සංවර්ධනය වන ජාතියකට (nation of developing) ඉමහත් ගාමකයක්‌ බව නොකියාම බැරිය. ශ්‍රී ලංකාවේ සාක්‍ෂරතාව 92% ක්‌ තරම් වේ. එබැවින් අප රටේ 92% ක්‌ තරම් වූ ජනපිරිසකට අකුරු ලිවීමට හෝ කියවීමට හෝ යන භාෂාත්මක (Knowlage of language) දැනුම් අවබෝධව පවතී. මේ අතරිනුත් භාෂා දෙක තුනක්‌ දන්නා උදවිය අප රටේ 10% ක්‌ පමණ සිටිති. මෙය අපූරු ප්‍රවණතාවකි. නමුත් පසුගිය වසර කිහිපයක අ. පො. ස (සා. පෙළ) විභාග ප්‍රතිඵල සසඳා බලන විට අප රටේ විභාගයට අසුන් ගන්නා පිsරිස්‌වලින් 50% ක්‌ තරම් වූ පිරිසක්‌ අසමත් වන බව හඳුනාගෙන තිබේ. මෙයට හේතුව කුමක්‌ද? යන්න සොයා බලන්නේ නම් ඉතා වටී. විශේෂයෙන් ම දක්‍ෂ ළමුන් පව

'ගැබ්බර මිනිසා', තේමාත්මක හැරවුමකි

Image
"නාට්‍ය සාහිත්‍යයක්‌ යනු සිත් ගන්නාසුලු වින්දනීය සිද්ධි මාලාවකින් සහ අවස්‌ථාවලින් පරිපූර්ණ වූ නළු නිළි පිරිසක්‌ විසින් ප්‍රේක්‍ෂක පිරිසක්‌ ඉදිරියේ රඟදැක්‌වීම සඳහාම නිර්මාණය කරන ලද අපේම ජීවිතය පිළිබඳ කවියක්‌ වන්නේය." (වෙම්බර්ස්‌ටර් ශබ්දකෝෂය) 'ගැබ්බර මිනිසා' නම ඇසුණු සැණින්ම අප සිතුවේ තවත් එක්‌ ප්‍රහසනාත්මක නාට්‍යයක්‌ නැරඹීමේ අවස්‌ථාවක්‌ පමණකි කියාය. නමුත් ලෝක ධර්මි නාට්‍ය කලා සම්ප්‍රදාය තුළ වත්මන් රැල්ලේ තේමාත්මක හැරවුමක්‌ වශයෙනුත්, යථාර්ථවාදයෙන් ඔබ්බට ගොස්‌ අධි යථාර්ථවාදය තුළ හිඳිමින් රස විඳිය හැකි නිර්මාණයක්‌ වශයෙනුත් ගැබ්බර මිනිසා ගොඩනැගී ඇති බව නාට්‍යය නැරඹීමෙන් පසු සිතුණි. ඓතිහාසික ග්‍රීක රංගන ශාලා ශෛලියේ ආභාසය ලබා නිර්මාණය කරන ලද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර රඟමඬල තුළ මා අසුන් ගෙන සිටියේ ප්‍රේක්‍ෂකාගාර අර්ධයේ දකුණු පසය. නමුත් වේදිකා පසුතල නිර්මාණය 'සරච්චන්ද්‍රවළට' නොගැළපෙන බවක්‌ නාට්‍ය ආරම්භයේදීම මට හැඟී ගියේය. මන්ද යත් 'මනමේ', 'සිංහබාහු' යන නාට්‍ය ධර්මි හෙවත් ශෛලිගත සම්ප්‍රදාය තුළින් නිර්මිත නාටකයන් උදෙසාම 'වළ' ම