අපිමවත් නොසිතු ලෙස
අපි දෙදෙන යළි යළිත් හමු වේවි හඩාවි ඔබේ නෙතු මගේ නෙත් ළගදි බිම බලාවි කියා ගනු බැරිව ලොකු කතාවක් තියේවි මගේ හද ඔබේ ඔය නිහඩබව බිදීවි නිසල මුව කමල මත සිනා කැටි ඉහිරවා ඔයා මගෙ හදවතම ප්‍රේමයෙන් ඉතිරුවා නෙතින් නෙත වරු ගණන් දිවා රෑ නැරඹුවා මතුවටත් අපි අපෙයි දෙහදවත් මිමිනුවා ඔබ තරම් කිසි කෙනෙකු මගේ ලොව නොවේවි වෙන් වෙලා ගතින් අප හදින් පෙම් කරාවි ඔයා නැති අඩුව මට මැරෙනකන් තියේවි අපි අපිට හිමි වෙලා මතු භවේ හිදීවි කිසි කෙනෙකු නොදැන අපි අපේ වී හමුවුණා අපිමවත් නොසිතු ලෙස තව තවත් ළං වුණා ඔය සිනහ නොදැක මට හිනැහෙන්න බැරි වුණා ඔබේ එක කදුළ ළග මගේ හද වැළපුණා ✍ කසුන් සී තිලකරත්න